කල්පයක් සිට
සොයමි මම තවම
කොහෙද ඔබ
"ආදරය"
හැඩයක්, සුගන්දයක්, පැහැයක් ඇතිද
ඔබ හදුනාගන්නට
"ආදරය"
කොහෙද ඔබ
වෙහෙසක් නොගත්
කෙනෙකුත් නැතත්
තවම හමු නොවිය ඔබ
"ආදරය "
බැහැ තවත්
වෙහෙසන්නට
දුර්වලය ගත සිත මගේ
ඇවිදින් ටිකක් කියපන් ඉතින්
මේ මම කියා උඹේ "ආදරය"
-ගයනි ඉඹුලාන
Comments
Post a Comment